ICT And Health

යම් පුද්ගලයෙකු එදිනෙදා සාමාන්‍ය භාවිතයෙහි මෙන් නොව  ඉතා දිගු කාලයක් නොනවත්වා පරිගණකය භාව්තා කිරීම නිසා මෙම සෞඛ්‍ය ගැටලු ඇති‍වේ. එම සෞඛ්‍ය ගැටලු, ඒවාට බලපාන හේතු සහ ඒ සදහා විසදුම් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවේ.

1. අත්‍ෙලෙහි සහ මැණික්කටුවෙහි ඇති වන ආභාද
මූසිකය සහ යතුරු පුවරුව විවැරදිව භාවිතා නොකිරීම නිසා අතෙහි ඇගිලි වල ඇතිවන හිරිවැටීම සහ වේදනාව ඇතිවන අතර මෙය කපාල දෝනා සහලක්ෂණය ලෙස හැදින්වේ. මැණික් කටුව ආශිුතව සිදුවන තෙරපීම නිසා මෙය සිදුවේ.

  • මූසිකය භාවිතයේදී මැණික් කටුව එක් ස්ථානයක සිරකර නොතබා රූප සටහනෙහි පරිදි සමාන්තරව තබාගත යුතුය.
  • පතරුපුවරුව භාවිතයේ දී දෑත් යතුරුපුවරුවට සමාන්තරව හෝ එයට ඉහලින් තබා සැහැල්ලුවෙන් යතුරුලියනය කලයුතුය.
2. මාංශපේශී සහ අස්ථි ආශිුත ගැටලු
නිවැරදි නොවන ඉරියව්වෙන් ඉතා දිගු වේලාවක් පරිගණකය භාවිතා කිරීම නියා මෙම ගැටලු ඇතිවේ.
3. ඇස්වල ඇතිවන ආභාද
පැය ගණනාවක් දිගින් දිගටම(පැය 6ක් පමණ) පරිගණකය භාවිතය නිසා ඇස් වියලීම,කදුලු ගැලිම,ඇස් රතුවීම,පෙනීම අඩුවීම,හිසෙහි කැක්කුම ආදිය ඇතිවේ.මෙය පරිගණක දෘෂ්ටි සහලක්ෂණය ලෙස හැදින්වේ.
4 හිසෙහි කැක්කුම
පැය ගණනාවක් දිගින් දිගටම පරිගණකය භාවිතය නිසා ඇස්වල ඇතිවන වෙහෙසකාරී බවත් ගෙලෙහි වේදනාවත් නිසා හිසෙහි කැක්කුම බහුලව දක්නට ලැබේ.
ඉහත සදහන් මාංශපේශී සහ අස්ථි ආශිුත ගැටලු, ඇස්වල ඇතිවන ආභාද,හිසෙහි කැක්කුම වලක්වාගැනීම සදහා රූප සටහනෙහි දැක්නවන පරිදි,
  • කොන්ද සෘජුව පුටු ඇන්දට ‍ හේත්තු වන ආකාරයට තබාගැනීමත්, උරහිස සැහැල්ලුවෙන් තබාගැනීමෙන් කකුල් පොළොවට ලම්භකව ද පතුල් පොළොව මත ද(උස පුමාණවත් නොවේනම් ආධාරකයක් භාවිතා කරන්න)තබාගැනීමෙන් අස්ථි ආබාධ වලක්වාගත හැක.
  • ඇසෙහි ආබාධ වලක්වා ගැනීම සදහා පරිගණක තිරය තමාගේ ඇස් මට්ටමට හෝ එයට පහතින් හෝ පිහිටන සේ පුටුව උස් පහත් කරගතයුතු අතර ඇස්වල සිට පරිගණක තිරයට ඇති දුර අගල් 18 ත් 28ත් අතර(සෙ.මි 45 ත් 70) පමණ පිහිටන ලෙස තබාගත යුතුය.
  • ඇසට වෙහෙසකාරී නොවන ලෙස පරිගණක තිරයෙහි ආලෝතය සකසාගැනීමත්, විටින් විට පරිගණත තිරයෙන් පිටත බැලීමත් ඇසිපිය ගැසීමත් මගින් ඇසෙහි ආබාධ වලක්වා ගතහැක.තවද එක දිගට පරිගණකය භාවිතයෙන් වැලකී විටින්විට විවේක ගැනීමෙන් හිසෙහි කැක්කුමෙන් මිදිය හැකිය.
5. ආතතිය
කාර්ය බහුල බව සහ රැකියා වටපිටාව නිසා අධික වෙහෙස, නින්ද නොයාම සහ කෑම අරුචිය වැනි ලක්ෂණ ඇතිවේ.මෙයින් මිදීමට රැකියා ස්ථානයෙහි දිගින් දිගටම පරිගණකය භාවිතා කරන අයෙකු නිවසේ දී පරිගණකය භාවිතා නොකර සැහැල්ලු මනසින් සිටීම කලයුතුය.
මෙම බ්ලොග් අඩවියෙ හි Question කොටසෙහි අඩංගු මෙම ඒකකයට අදාල ගැටලු සදහා පිළිතුරු සපයන්න

No comments:

Post a Comment